ජාතික ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට අරාබි භාෂා විශේෂ පුහුණුවක් !  

Published in පුවත්
Tuesday, 09 March 2021 10:00

අන්තවාදී මත පතුරුවන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත්පත් රට තුළට ඒම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට හය මසක අරාබි භාෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඉස්ලාමීය ආගමික පොත්පත් මෙරටට ගෙන ඒමේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන තිබිය යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය රේගු දෙපාර්තමේන්තුවට හා ඉස්ලාම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට පසුගිය සතියේ උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් මීට සති තුනකට පෙර පොත් ආනයනකරුවකු මෙරටට ගෙන ආ ඉස්ලාමීය පොත් අතරේ වහබ් අන්තවාදය පතුරුවන පොත් දහසක් පමණ තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරාබි භාෂාව දන්නා නිලධාරීන් ලවා පරීක්ෂා කිරීමේ දී අන්තවාදය පතුරුවන සංහිඳියාවට බාධා එල්ලවිය හැකි පොත් තිබෙන බව හෙළි වීමත සමගය.

ඒ අනුව එවැනි පොත් රට තුළ ඇත්දැයි සෙවීමට බුද්ධි නිලධාරීන්ට මාස හයක අරාබි භාෂාව කියවීමේ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us