භූමිතෙල් සහනාධාරය අවභාවිත නොකරන්නැයි අගමැතිගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 09 March 2021 10:27

2021 පෙබරවාරි 5වන දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ඊයේ (08) මුදල් අමාත්‍යංශයේ දී රැස්විය.

භූමිතෙල් සහනාධාරය අවභාවිතයකින් තොරව සෘජුව ම ගොවීන්, ධීවරයින් ඇතුළු ඉලක්කගත ප්‍රතිලාභීන් වෙත ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත් ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අදාළ නිලධාරීන්ට එහි දී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකුවලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල්වලින් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකු සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කරන මෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ට එහිදී දැනුම් දී ඇත.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජික අමාත්‍යවරු වන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු විෂය භාර අමාත්‍යාංශවල ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් එක් වී තිබේ.

-පංචාලි අබේසේකර

m1m2m3

Last modified on Tuesday, 09 March 2021 10:28

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us