හිරුනිකාට සමාව !

Published in පුවත්
Wednesday, 10 March 2021 13:50

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර තිබේ.

2015 වසරේ තරුණයකු පැහැරගෙන ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවක් අද (10) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටි අතර එම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් වී ස්වල්ප වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින බවත් ඇය අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවත් ප්‍රකාශ කර තිබේ.

එහෙත් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව කී නීතිඥවරිය මින්මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් ප්‍රතිඥාවක් ලබා දී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කළ තිබු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කර තිබේ.
නඩුව නැවත ජුනි මස 17 වනදා කැඳවීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us