බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයට ආරාධනා කිරීමෙන් සමාජ මාධ්‍ය කැළඹේ

Published in පුවත්
Thursday, 11 March 2021 14:11

කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යවන ලද ලිපියක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙමගින් ශ්‍රී ලංකාව වක්‍ර ලෙස මියන්මාර හමුදා පාලනය පිළිගෙන ඇති බවයි සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය මුදා හරිමින් මියන්මාර වැසියන් ප්‍රකාශ කර ඇත්තේ.

බහු ආංශික, තාක්ෂණික, ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපතීත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව අප්‍රේල් මස 1 වන දා කොළඹ දී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන විදේශ ඇමතිවරුන්ගේ 17 වන රැස්වීමට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයා වන වුන්නා මාවූන් ලාවුන්ට ආරාධනා කරමින් අදාළ ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 2 වන දායි.

මෙවැනි ලිපියක් යොමු කළ ශ්‍රී ලංකාව මියන්මාරයේ හමුදා පාලනය අනියමින් පිළිගෙන ඇති බවට මියන්මාර වැසියන් ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මේ වන විට ප්‍රකාශ මුදාහැර තිබෙනවා.

ෂේම් ඔන් යූ ශ්‍රී ලංකා’ යනුවෙන් හෑෂ් ටැගයක් මගින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය පළ කරන ආකාරය මේ වන විටත් දැක ගත හැකියි.

කෙසේ වෙතත්, බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහා මියන්මාර විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය පිළිබඳ සමාජ මාධ්‍යයේ පළ වන අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ බිම්ස්ටෙක් සභාපතීත්වය දරණ හා අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සත්කාරක රට ලෙස මේ වසර අග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂිත 5 වන බිම්ස්ටෙක් සමුළුව පිළිබද ලේඛන කටයුතු අවසන් කිරීමේ අරමුණෙන් යුතුව සාකච්ඡාවලට සහභාගිවීම සඳහා මියන්මාරය ඇතුළු සියළුම සාමාජික රටවලට ආරාධනා කර ඇති බවයි.

pic

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us