රජයේ විශ්වවිද්‍යාලවලට අවස්ථාව නොලැබුණු සිසුන් පිරිසකට කොතලාවල දොර ඇරේ !

Published in පුවත්
Thursday, 11 March 2021 12:29

පසුගිය උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලැබූ , එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු සිසුන් පිරිසක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේනවා.

කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ විශ්වවිද්‍යාලවලට දෙවැනි වරටත් වැඩිපුර සිසුන් ඇතුළත් කිරීමේදීත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව නොලැබුණු සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයට පිළියමක් වශයෙන් දෙවැනි වරටත් සිසුන් පන්සිය හතළිස් දෙනෙක් ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර එම සිසුන්ගේ නාම ලේඛන ලබන සතියේ දී අදාළ විශ්වවිද්‍යාලවලට යවන බව ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට අපේක්ෂා කෙරෙන සිසුන් සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ එම නාමලේඛන විශ්වවිද්‍යාවලට යැවීමෙන් පසුව බව ද සභාපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව වෛද්‍ය විද්‍යා, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු උපාධි පාඨමාලාවන්ට මෙම සිසුන් ඇතුළත් කිරීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us