පඩු කරද සහ සංරක්ෂිත පැළ ගණනාවක් අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට

Published in පුවත්
Monday, 15 March 2021 09:40

පඩු කරද හෙවත් Crudia Zeylanica ගස හා සංරක්ෂිත පැළ ඊයේ (13) ගම්පහ උද්භිද උද්‍යානයට පැමිණ සංචාරයක නිරත වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහගේ නිරීක්ෂණයට ලක්විය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති පඩු කරද ගස ලෝකයේ එකම පඩු කරද ගස බව ප්‍රකාශ වුවද මේ වන විට ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම වර්ෂයේ විශාල ගසක් හා පැළ 06 ක් ඇති බව ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක රුවිනි ගෝමස් මහත්මිය මෙහිදී ඇමතිවරුන්ට සදහන් කර ඇත

මීට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක් වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර හා කඩුවෙල හා කදිරාන ප්‍රදේශවල මෙම ශාඛය ඇති බවත් උද්භිද උද්‍යානයේ නිළධාරින් එම ශාඛා නිරීක්ෂණය කළ බවත් ඇය පවසා තිබේ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාඛයේ පැළ 20 ක් ඇති බව කී සහකාර අධ්‍යක්ෂකවරිය අදාළ ශාඛය හමු වූ දාරළුව ප්‍ර දේශයේ ද තවත් පඩු කරද විශාල ගසක් හා කුඩා ගසක් හමු වූ බව ද කියා තිබේ.

දාරළුව ප්‍රදේශයේ පඩු කරද ශාඛය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය වෙනස් කර ඉදි කිරීමට රැපියල් ලක්ෂ 86,000 ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇතැයි කී ඇමති ප්‍රසන්න රණතුංග අදාළ ශාඛය ලෝකයේ එකම ගස බව ප්‍රකාශ කළ බවත් එම ශාඛය හා මෙම ශාඛ එකම බවට තහවුරු කරගත්තේ කෙලෙසදැයි සහකාර අධ්‍යක්ෂකවරියගෙන් ප්‍රශ්න කර තිබේ. සහකාර අධ්‍යක්ෂකවරිය කීවේ මේ පිළිබද ව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ බවයි. දාරළුවේ ගසට උද්භිද උද්‍යානයේ ගස් සෑම අතින්ම සමාන බව මෙම විද්‍යාත්මක පරීක්ෂණයේ දී සනාථ වූ බව ද ඇය කියා ඇත.

දාරළුව ප්‍රදේශයේ ඇති පඩු කරද ගස ලෝකයේ එකම ගස බවට කළ ප්‍රකාශය එක්කෝ කරුණු නොදැන, නැතිනම් කාගේ හෝ වුවමනාවකට කළ එකක්දැයි සැක මතුවන බවත් කාගේ හෝ වුවමනාවකට සිදු කළේ නම් එය රටේ සංවර්ධනය අඩාල කිරීමට හිතාමතා සිදු කළ ප්‍රකාශයක් බවත් සදහන් කළ ඇමති ප්‍රසන්න රණතුංග පරිසරය ආරක්ෂා කරන අතරම රටේ සංවර්ධනය ද ක්‍රියාත්මක කළ යුතු බැවින් මේ පිළිබද ව පරිසරවේදීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ද සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us