මද්‍රසා පාසල් 2000 ක් තහනම් කිරීමට පියවර

Published in පුවත්
Monday, 15 March 2021 09:46

වහාබ්වාදය, ඉස්ලාමිය අන්තවාදය ඉගැන්වීම සඳහා ස්ථාපිත කර ඇති මද්‍රසා පාසල් 2000 ක් තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප‍්‍රකාශ කර ඇත.

වහාබ්වාදය සහ මුස්ලිම් අන්තවාදය දරුවන්ට උගන්වන මද්‍රසා පාසල් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර ඇති අතර එවැනි පාසල් 2000 ක් රට පුරා ස්ථාපිත කර තිබෙන බවට හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මෙවැනි අන්තවාදී අදහස් උගන්වන පාසල් පැවතුනහොත් ඉදිරියේදී රටේ ජාතිවාදී කලබල ඇතිවීමට ඉඩ ඇති අතර ජාතීන් අතර විශාල අසමගියක් ඇතිවීමට ඉඩ ඇති බවද ඒ මහතා කියා සිටියි.

මේ හේතුව නිසා ජාතිවාදය, වාහබ්වාදය උගන්වන පාසල් රටේ නොතිබිය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව කී සරත් වීරසේකර මහතා මෙවැනි පාසල් ඉදිරියේදී බිහිවීමට ඉඩ නොතබන බවද කියා සිටියේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us