ඇඟළුම් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය නැංවීමට රජයෙන් වැඩපිළිවෙළක්

Published in පුවත්
Tuesday, 16 March 2021 11:06

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ ඇඟළුම් සඳහා ලෝක පූජීත සන්නාමයක් බවට පත්කිරීමේ හැකියාවද ලැබී තිබේන බවත් , දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත.

ඉලක්ක සපුරා ගැනීමට රජය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර, මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1කි. ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවට එහිදී ව්‍යාපාරිකයෝ සහතික වී ඇත.

සෞඛ්‍ය නිර්දේශ නිසා ක්ෂේඇඟළුම් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය නැංවීමට රජයෙන් වැඩපිළිවෙළක්ත්‍රයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද ව්‍යාපාරිකයෝ පැහැදිලි කළහ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලීමට යෝජනා කෙරිණි.
ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය පිළිබඳවද අවධානය යොමු වූ අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදා කිරීම තුළින් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශණය කර ගත හැකිය.

ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම හා වීසා ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා විය.

-පංචාලි අබේසේකර

gothag1g2

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us