තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදලකට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Wednesday, 24 March 2021 14:09

නව ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි.

එසේම දැනටමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින තරුණ ව්‍යවසායකයන්ට ද අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදු වේ. එම හේතුවෙන් විවිධ අවිධිමත් ක්‍රමවේද ඔස්සේ අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමට තරුණ ව්‍යවසායකයින් උත්සාහ දැරීම නිසා ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපාන බව පෙනී ගොස් ඇත.

සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් තරුණ සංවර්ධන අරමුදලක් ආරම්භ කිරීමට හා එම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ සංවර්ධන ලොතරැයියක් ආරම්භ කිරීමට යෝජනා කර ඇත.
ඒ අනුව, එම අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us