පළුදු වූ ටයර් සහිත රථ වාහන පරික්ෂා කිරීමේ වැඩපිළිවෙල අත්හිටුවයි  

Published in පුවත්
Wednesday, 24 March 2021 15:20

පසුගියදා පස්සරදී, පුද්ගලයන් 15 කට මරු කැඳවමින් සිදු වූ බස්රථ අනතුරෙන් පසුව, ගෙවීගිය, භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින ටයර් සහිතව ධාවනය වන රථ වාහන පිළිබඳව පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරිණි.

කෙසේ නමුත් මෙම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග බොහෝ දෙනාගෙන් රජයට එල්ල වූ විවේචනය වූයේ රථ වාහනවලට අවශ්‍ය ටයර් සැපයුම සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ටයර් තොග දේශීය වෙළඳපොලේ නොතිබියදී ගෙවීගිය ටයර් පරීක්ෂා කිරීම හා එවැනි ටයර් භාවිතා කරන්නන්ට දඩ මුදල් නියම කිරීම අසාධාරණය බවයි. එසේම රජයට අයත් වාහන පරීක්ෂා නොකර පෞද්ගලික වාහන පමණක් පරීක්ෂා කරන බවටද චෝදනා එල්ල විය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමගම භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ටයර් ආනයනයද ඒ අනුව සීමා කෙරිණි. මේ වනවිට දේශීය වෙළඳපොලේ ටයර් සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ නිසාම ටයර් මිලද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ‍අදාල වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසන්නේ. දැනට සීමා කර ඇති ටයර් ආනයනය සම්බන්ධයෙන් යළි සලකා බැලීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව රඹුක්වැල්ල මහතා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us