ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේ දී ආණ්ඩුකාරවරු පෙරමුණ ගත යුතුයි -ජනපති

Published in පුවත්
Thursday, 25 March 2021 10:07

ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේ දී ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.

ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත්කරදීම රජයේ අපේක්ෂාවයි. මේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ නොහැකි අතර සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය සහ වගකීම ආණ්ඩුකාවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරන බව ද ජනපතිවරයා කියා සිටී.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීය.

මේ පිළිබදව අදහස් පළකළ ජනපතිවරයා ,

''ඇතැම් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා ක්‍රියාවට නංවා නැහැ. තවත් ව්‍යාපෘති අතරමග නවතා තිබේ. ඒ සඳහා ගත් ණය වෙනුවෙන් රජය විශාල පොලියක් ගෙවමින් සිටී. මේ දෙස බලා සිටින ජනතාව රජයට මෙන්ම නිලධාරීන්ට දෝෂාරෝපණය කරති. ජනතා අවශ්‍යතා හා ජනතාව රජයෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අවබෝධ කර ගනිමින් සංවර්ධන යෝජනා ක්‍රම කඩිනම් කළ යුතුයි .
ප්‍රතිපාදන වෙන්කර මෙතෙක් ආරම්භ කර නැති සහ, ආරම්භ කොට අතරමග නවතා දමා ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් පටන් ගන්න මා අදාල බලධාරීන්ට මේ උපදෙස් දීල තිබෙන්නේ.
පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වරදක් නිසා සමස්ත ජනතාවම පීඩාවට පත්වන අයුරින් නීති සකස් නොකළ යුතුය.
වංචනිකයන් සහ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රැහනට හසු කර ගැනීමට අවශ්‍ය නීති සැකසීමට නම් නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගත යුතුය. සාධාරණ ලෙස ජීවත්වන අහිංසක ජනතාව ද හොරුන් ලෙස දකින්නේ ගමට නොයන නිලධාරියායි . ජනතා අවශ්‍යතා ඉටුකිරීමේ දී චක්‍ර ලේඛවලට සීමා නොවී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීමේ වැදගත්.
ජනතා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට තවත් ප්‍රශ්නයක් හේතුවක් කර ගනිමින් එය යට ගැසීමට නිලධාරීන් උත්සාහ නොකළ යුතුය. ජනතා ගැටළු ඉදිරිපත් වූ විට න්‍යාය අනුව පමණක් බලා ඒවා මගහැරීම ද නොකළ යුතුයි .
ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ දිය යුතු නැහැ . රජය සියලු සංවර්ධන වැඩ සැලසුම් කර ඇත්තේ පොදු මහජනතාව වෙනුවෙන් . පාරිසරික සංවර්ධනය ඇතුලු සියලු අංශවල ද ජනතාව ජීවත්කරවීමේ වගකීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා '' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

p3p1p2p4

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us