‘ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ නම්බුව’ ගැන...

Published in පුවත්
Thursday, 25 March 2021 10:16

‘2020 වසරේ ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව’ චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබේ. එම වාර්තාව, පැහැදිලි සත්‍ය හා දත්ත මත පදනම්ව ඇමරිකාවේ අයහපත් වෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය හෙළි කර ඇත.

ගෝලීය ව‍ශයෙන් පැතිර ගිය වසංගතයට මුහුණ දීමේදී ඇමරිකාවේ පැවති රජය ක්‍රියාත්මක කළේ ‘ඇමරිකා ප්‍රමුඛ’ ප්‍රතිපත්තියයි. රටේ වසංගතය පාලනය කිරීම‍ට නොහැකි වූ තත්ත්වයට මුහුණ දුන් ට්‍රම්ප් රජය, සිය වගකීම් සෙසු රටවලට හා ලෝක සෞඛ්‍ය සංවිධානයට පවරා දීමට උත්සාහ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් විය. මේ අතර, ඇමරිකාව වෙනත් රටවල වසංගත පාලන භාණ්ඩ අත්පත් කර ගැනීමටත්, එන්නත් පර්යේෂණ තාක්ෂණයේ ඒකාධිකාරය බවට පත්වීමටත්, තැත් කළේය.

බයිඩන් ජනපති ධුරයට පත් වීමෙන් පසු ධවල මන්දිරය කිහිප වරක් ම අවධාරණය කළේ ‘සියළු ඇමරිකානුවන්ට එන්නත් ලබා දීමට පෙර, ඇමරිකාව වෙනත් රටවල් සමග එන්නත් බෙදා ගැනීමට සූදානම් නැති’ බවයි. බාහිර ලෝකයෙන් එල්ල වූ පීඩනය යටතේ මෑතකදී එරට මෙක්සිකෝවට හා කැනඩාවට වෙන් වෙන්ව එන්නත් මිලියන 2.5ක් හා මිලියන 1.4ක් සපයන බව ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය සිදු කර ඇත්තේ, එම රටවල් දෙක, මෙම වසර ඇතුලත එන්නත් සමාන ප්‍රමාණයක් ආපසු ලබා දීමේ පූර්ව කොන්දේසිය මතයි!

වසංගතය හමුවේ වුවද ඇමරිකානු රජය තවමත් ඉරානය, කියුබාව, වෙනිසියුලාව, සිරියාව යන රටවලට ඒකපාර්ශ්වික සම්බාධක පණවා ඇත. එම රටවලට කාලෝචිත ‍ලෙස වසංගත පාලන භාණ්ඩ ලබා ගැනීමට එය විශාලතම බාධකයක් විය.

ඇමරිකාවේ දාමරිකවාදය, වර්තමානයේ ගෝලීය මානුෂවාදී විපත් තත්වයට හේතු වී ඇත. ඊනියා ‘ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ නම්බුව’, බිඳ වැටී තිබේ. මානව හිමිකම් භේදය ඇති කරන්නා සේ, සෙසු රටවලට චෝදනා කිරීමට ඇමරිකාවට සුදුසුකමක් නැතැයි පැහැදිලිය.

Cheena Sinhala Handa
ෆේස්බුක් පිටුවෙනි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us