ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් 10 වැනිදායින් පසු

Published in පුවත්
Friday, 26 March 2021 10:40

‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා’ එන්නත ලබාගත් අයගේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් 10 වැනිදායින් පසු ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ලංකාවට ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මාත‍්‍රා දොළොස් ලක්ෂ හැටහතරදාහක් ලැබී ඇති බවත් මේ දක්වා එන්නත් කර ඇත්තේ ඉන් අටලක්ෂ පනස්හය දහසක් පමණක් බවත් පැවසූ රාජ්‍ය ඇමැතිවරයා ඒ අනුව තව එන්නත් මාත‍්‍රා ලක්ෂ 4ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයි කීවේය. අපේ‍්‍රල් 10 වැනිදායින් පසු 2 වැනි මාත‍්‍රාව ලබා දීම මින් ආරම්භ කරන බවත් එය මැයි මස අන්තිම දක්වා ලබා දීමේ හාකියාවක් ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. එනිසා මැයි මස අන්තිම වන තෙක් දෙවැනි එන්නත ලබාදීමට කිසිදු ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැතැයි ද කීවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද කීවේය.

අන්තර්ජාතික මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා ඉන්දියාවේ පූනෙයි නගරයේ තිබෙන සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය නිෂ්පාදනය කරන ”ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා’’ එන්නත ඉන්දියාවෙන් පිටතට අපනයනය කිරීම නවත්වන තීරණයක් අරගෙන තියෙනවා කියලා. හැබැයි මේ වන තෙක් නිල වශයෙන් ශ‍්‍රී ලංකාවට එහෙම දැනුම්දීමක් කරලා නැහැ. ඉන්දියාවේ මාධ්‍ය හා අන්තර්ජාතික මාධ්‍ය ප‍්‍රකාශ කළේ ඉන්දියාව තුළ කොවිඞ් 19 රෝගීන් කණ්ඩායම වැඩිවී ඇති නිසා එන්නත අපනයනය නතර කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවත් සමග රාජ්‍ය තාන්ත‍්‍රික ලෙස සාකච්ඡුා කරමින් යනවා තවත් මාත‍්‍රා ලක්ෂ

5 ක් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමට. එනිසා කිසිසේත්ම මේ වන විට එන්නත් ලබා ගෙන ඇති අයට දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට ප‍්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය චීනයේ නිෂ්පාදනය කරන ”සයිනොෆෝම්’’ එන්නත ලංකාවට ගෙන ඒම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව ප‍්‍රදානයක් හැටියට එම එන්නත් මාත‍්‍රා ලක්ෂ 6 ක් තව සතියක් ඇතුළත ලංකාවට ලැබෙනවා.

රුසියාවේ ස්පුට්නික් එන්නතත් මාත‍්‍රා මිලියන 7 ක් රජය මිලදී ගනු ලබනවා. ඒ අනුව අපේ‍්‍රල් මුල් සති 2 තුළ එහි ආරම්භක එන්නත් ප‍්‍රමාණයක් අපේ රටට ලැබෙනවා. මෙහි ආරම්භය ලෙස 20,000 ප‍්‍රමාණයක් ප‍්‍රදානයක් ලෙස ලැබෙනවා. ඉතිරිය අප මිලදී ගනු ලබනවා.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us