උත්සව සමයේ වසවිස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට වැඩ වරදී !

Published in පුවත්
Friday, 26 March 2021 11:06

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

උත්සව සමයේදී රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන පොල්තෙල් හා පැණි වර්ග පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙසත් විශේෂයෙන්ම ඉදිරිදිනවලදී කල් ඉකුත් වූ කේක්, බිස්කට්, බීම වර්ගය ආදියේ ලේබල් වෙනස් කර අලෙවි කරන බැවින් ඒ පිළිබඳව වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ආහාරද්‍රව්‍යවලට කවලම් කරන ඩයිවර්ග, රසකාරක පිළිබඳව විශේෂයෙන්ම සොයාබැලීමක් කරන ලෙසත් ඔහු පවසා ඇත.

කොරෝනා වසංගතය හමුවේ බොහෝ වෙළෙඳසල්වල භාණ්ඩ අලෙවි කර ගැනීමට නොහැකි වූ බැවින් එම ආහාර ද්‍රව්‍ය තොග විශාල වශයෙන් ඉතිරිව පවතින අතර කල් ඉකුත් වූ භාණ්ඩ වෙළෙඳපොළ වෙත නිකුත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එබැවින් භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩයේ කල් ඉකුත් වූ දිනය පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයිද ඇසුරුම් නොකරන භාණ්ඩවල පැහැය සුවඳ හා පුස්වර්ග බැඳී ඇද්ද යන්න පිළිබඳව වඩාත් සුපරික්ෂාකාරී වන්නැයි සංගමය ජනතාවට දැනුම් දී සිටියි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us