තෙවැනි ලිංගිකත්වය හෙළි කිරීමට දැන් බාධාවක් නැහැ

Published in පුවත්
Wednesday, 13 August 2014 19:55

ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයය ප්‍රථම වතාවට ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයෙන් යුත් අයැදුම්කරුවන් පිළිගෙන තිබේ.

එවන් අයැදුම් කරුවන්ගේ ලිංගිකත්වය සටහන් කිරීම සඳහා වෙනම තීරුවක් විශ්ව විද්‍යාල අයැදුම් පත් වලට එක් කිරීමෙන්  මෙම පිළිගැනීම සනාථ කොට ඇත.

මෙවර විශ්ව විද්‍යාලයට අයැදුම් කර ඇති ස්ත්‍රී හෝ පුරුෂ නොවන පශ්චාත් උපාධි අයැදුම් කරුවන් නම දෙනෙකුගේ අයැදුම් පත් අනුමත කරන බව විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශ කොට ඇති බව “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පත වාර්තා කරයි.

මීට ප්‍රථම මෙවන් ලිංගිකත්වයකින් යුතු අයැදුම් කරුවන් වෙත බල කෙරුණේ ස්ත්‍රී හෝ පුරුෂ ලෙස තම ලිංගිකත්වය සටහන් කරන ලෙසටය.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කළේ ස්ත්‍රී හෝ පුරුෂ ගණයට නොවැටෙන පුද්ගලයින් තුන්වැනි ලිංගිකත්වයක් ඇති පිරිසක් ලෙස සැලකියයුතු බවයි.

විශ්ව විද්‍යාල නිලධාරියෙක් පැවසුවේ ලබන වසරේ සිට ප්‍රථම උපාධි පාඨමාලා අයැදුම් පත් සඳහා ද මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

එක් සංගණනය කට අනුව ඉන්දියාවේ මිලියන දෙකක් පමණ වූ ස්ත්‍රී හෝ පුරුෂ ගණයට නොවැටෙන පිරිසක් ජීවත්වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් විවිධ සමාජ සංස්කෘතික පීඩනයන්ට යටත්ව වීදි රැඟුම් දක්වන්නන් සහ යාචකයන් ලෙස හෝ වෛශ්‍යා වෘත්තීය ජීවනෝපාය කොට ගෙන අසරණ ලෙස ජීවත්වන බව  වාර්තාවේ.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us