රූපලාවන්‍යාගාරයට ඖෂධ අධිකාරිය කඩා පනී

Published in පුවත්
Wednesday, 13 August 2014 19:38

තරුණ බව රැක ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරනයි.  ඒ අනුව අද උදෑසන ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ෂණ කණ්ඩායමක් බම්බලපිටියේ පිහිටි අදාළ රූපලාවණ්‍ය සායන මධ්‍යස්ථානය පරීක්ෂා කළේය.

මේ වනවිටත් එහි සේවය කරන පුද්ගලයන්ගෙන් ඔවුන් ප‍්‍රකාශ ලබා ගනිමින් සිටියි.

සිිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජාතික ඖෂධ අධිකාරියට ඊයේ (12) රාති‍්‍රයේ නියෝග කර තිබේ.

ශී‍්‍ර ලංකාව තුළ තම අධිකාරියේ අනුමැතියලත් රූපලාවණ්‍ය එන්නත් පමණක් භාවිත කිරීම සඳහා අවසර ලබාදී ඇති බව  ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

නාවල පදිංචි 47 හැවිරිදි පී.ඒ. ප‍්‍රියංගි නැමති මෙම වෛද්‍යවරිය බම්බලපිටිය විශාකා පාරේ පිහිටි මෙම පෞද්ගලික සායනයට රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ තිබුණේ ඊයේ (12) පස්වරු 4 ට පමණයි. එහිදී ඇයට ප‍්‍රතිජීවක ඖෂධ එන්නතක් ලබාදී ඇති අතර විනාඩි කිහිපයකට පසු ඇය මියගොස් ඇත.

 මෙම වෛද්‍යවරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටි අයෙකු වීමද විශේෂත්වයකි.

මෙම වෛද්‍යවරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සායන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය නිමල් ගමගේ නැමති වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර,  ඔහු අද (13) දිනය තුළ අධිකරණයට ඉදිරිපත් කරන බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us