කඩු 6000ක් ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන ඇරඹේ !

Published in පුවත්
Wednesday, 31 March 2021 11:03

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේමෙ කඩු 6000ක් රටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

එම පරීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගේ නායකත්වයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

මේ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන කාරණය පිළිබඳව පෙත්සම්කරුගෙන් විමසා මැයි මස 06 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us