ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර

Published in පුවත්
Wednesday, 31 March 2021 10:14

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

2020 සැප්තැම්බර් මාසයේදී මෙරට ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මහාචාර්ය ගුණවර්ධන පෙන්වා දෙන්නේ මස් සඳහා ගවයන් ඝාතනය කිරීම මෙම නව නීතිය ඔස්සේ තහනම් කෙරෙන නමුත්, හරක් මස් ආනයනය කිරීමට ඉඩ සලසා දෙන බවයි. ගව ඝාතනය මෙරට තහනම් කිරීමට යෝජනා වී ඇත්තේ කිරි ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා බවද ගවයන් සහ පැටවුන් ඝාතනය කිරීම ඔස්සේ කිරි ගොවීන්ට ආර්ථික අලාභයක් සිදුකෙරෙන බවද මහාචාර්ය ගුණවර්ධන සඳහන් කරයි.

වයස්ගත එළදෙනුන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා එම ගවයන් විදේශගත කිරීමට සැලසුම් කර ඇතැයිද රජයේ මෙම තීරණයෙන් පීඩාවට පත්වන පුද්ගලයන් ආරක්ෂා කිරීමට ක්ෂණික යාන්ත්‍රණයක් නොමැති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us