පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගැසට්ටුව සැකසේ !

Published in පුවත්
Tuesday, 06 April 2021 09:34

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනපති උපදෙස් දී තිබේ. මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත. මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය.
දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම

සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇත.
මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ පාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us