පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 1000ක මහල් නිවාස පරිශ්‍රයක් කොළඹට !

Published in පුවත්
Tuesday, 06 April 2021 09:43

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40, 000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් මැද කොළඹින් ආරම්භ කෙරේ.

කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත, ස්ටේඩියම්ගම, සිරිමුතු උයන අසල නිවාස 1000කින් සමන්විත මහල් නිවාස පරිශ්‍රය මෙම නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක පියවර ය.

මෙහි ඉදිකෙරන එක් නිවාසයක ප්‍රමාණය වර්ග අඩි 550කි. ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම මහල් නිවාස පරිශ්‍රය වෙනුවෙන් ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 5950කි. වසර 03ක් ඇතුළත මෙම මහල් නිවාස පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරිමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ ඇක්සස් ඉංජිනියරින් සමාගම විසිනි.

කොළඹ නගරයේ පැල්පත්වාසි පවුල් 60, 000ක් වෙනුවෙන් මහල් නිවාස සංකිර්ණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ආණ්ඩුවේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා කටයුතු කළ සමයේ ය.

එම කාලය තුළ නිවාස 20 000ක් පමණ ඉදිකර අවසන් කිරීමට හැකිවිය. පසුගිය වසර කිහිපය තුළ එම වැඩසටහන අඩපණ වී තිබූ අතර යළි කොළඔ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකිරීමේ කටයුතු මැද කොළඹ, උතුරු කොළඹ, බොරැල්ල, දෙමටගොඩ, ඇතුලු ප්‍රදේශ කිහිපයකම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us