පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

Published in පුවත්
Wednesday, 21 April 2021 12:14

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ප්‍රකශ කර සිටියා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සපිරීම හේතුවෙන් සභාවේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

අග්‍රාමාත්‍යවරයා පළකළ අදහස් ,

“පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත්වීම නොකරත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයකට රජයක් හැටියට සුදානම් බව කියන්න කැමතියි. කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඉතාම ස්වාධීනව සිදුකරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිවරයා විසින් සපයා දී තිබේ. පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි.” යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us