වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් විරෝධතා දිගටම - කාදිනල් හිමි

Published in පුවත්
Wednesday, 21 April 2021 12:24

වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් විරෝධතා දිගටම - කාදිනල් හිමි

සත්‍ය හෙළිදරව් කර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් මේවන විට දියත්කර තිබෙන විරෝධතා දිගටම පවත්වාගෙන යන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කර තිබේ.

කාදිනල් හිමියන් මේ බව සදහන් කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද පැවති වැඩසටහනකදී.

එසේම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට මෙන්ම මේ වන විට අබාධිතව රෝද පුටුවල සිටින අයටත් සාධාරණයක් ඉටු කිරීමට නම් ප්‍රහාරය පිටුපස සිටින සමස්ත සත්‍ය නිරාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් උන්වහන්සේ පවසා තිබේ.

තවද එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරයි.

එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමි ,

“පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් ගෙවී ඒ පිළිබඳව කිසිවෙකුට විරුද්ධව නඩු පැවරී නැති වටා පිටාවක් තුළ, එම වින්දිත පවුල්වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරයින්ටත් මම පවසන්නේ, පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යන බවය.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us