මින් පසු 'ශ්‍රී ලංකා රූ රැජින' තේරීම රජයේ වැඩක්

Published in පුවත්
Friday, 23 April 2021 10:00

 ජාතික මට්ටමේ රූ රැජින තරග රජයේ නියාමනය මත සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.

 

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා පැවසුවේ මින් මතුවට ‘ශ්‍රී ලංකා’ නාමය භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ නිමායනය කිරීමට මෙන්ම පසු විපරමක් කිරීමට ද කටයුතු කරන බවයි.

පසුගියදා පැවැති විවාහක රූ රැජින තරගයේදී ඇති වූ සිදුවීම මගින් ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් අත් වූ බවත් එවැනි සිදුවීම් මතුවට සිදු නොවන අයුරින් කටයුතු කිරීමට අවධානය යොමුවූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි එම කිරුළ ආපසු භාරදීම නිසා එම තරගයේ දෙවන ස්ථානයට පත්ව සිටි අයර්ලන්තයේ රූ රාජිනිය වෙත ලබාදීමෙන් සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ප්‍රජාව ලෝකය ඉදිරියේ අපහසුතාවට පත්වී තිබේ යැයි ඇමැතිවරයා කීය.

aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us