ගත වූ පැය 24තුළ සෞඛ්‍ය නීති කඩ කළ පුද්ගලයන් 108ක් පොලිස් දැලට !

Published in පුවත්
Tuesday, 27 April 2021 13:26

ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය නීති රීති කඩ කළ පුද්ගලයන් 108දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකිරීම , දුරස්ථභාවය තබා නොගැනීම සහ මුහුණු ආවරණ නොපැළඳිම හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ.
පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 3755ක්.

ඉන් වැඩි පිරිසක් කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් වන අතර අත්අඩංගුවට ගත් මෙම පිරිසෙන් 3600කට පමණ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.කෙසේවෙතත් මෙම මෙහෙයුම ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිස්පතිවරයා සදහන් කරයි.

මෙම මෙහෙයුම අද (27) පැය 24 පුරාවට ක්‍රියාත්මක බවත්, සියලු දෙනාම සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණය කරගන්නා ලෙසත්, නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us