පාසැල් වැසීමේ තීරණය ගන්නේ කව්ද ?

Published in පුවත්
Tuesday, 27 April 2021 13:43

පාසල් වැසීම හෝ ආදාළ නිර්දේශ සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹිය හැක්කේ "පාසල් සෞඛ්‍ය කමිටුව"ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

එක් එක් පාසල් අවට පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් තත්ත්වය කුමක්ද යන්න නිවැරදිවම දැනුවත්ව සිටින්නේ පාසල් සෞඛ්‍ය කමිටුව බවයි ඔහු පවසන්නේ.

මේ පිලිබදව අදහස් පලකළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා,

"අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ වගකීම තමයි දරුවන්ට අධ්‍යාපනය ලබාදීම. මොනයම් අභියෝගාත්මක තත්ත්වයක් වුණත් පාසලට එන දරුවට පාසල සෞඛ්‍යාරක්ෂීතව විවෘතකර තබාගැනීම. දෙමාපියන් නියෝජනය කරනවා පාසල් සංවර්ධන කමිටුව, ගුරුවරු, විදුහල්පති ඉන්නවා ග්‍රාමසේවක, මහජන සෞඛ්‍ය පරික්ෂක, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් මේ අය තමයි දන්නේ ඒ අවදානම් තත්ත්වය. ඒ පිරිසට එකතුවෙලා සෘජු තීරණයක් ගන්න පුළුවන්."

කොවිඩ් තත්ත්වයක් එක්ක සමස්ත තීරණයක් ගත්තොත් සමහර පාසල් තියෙනවා හුදකලා වුණු පාසල්. එතකොට ඒ ළමයි එන්නේ හුදකලා වුණ ගම්මානෙන්. සමස්ථ තීරණයක් දුන්නොත් ඒ ළමයිට අධ්‍යාපනයක් ගන්න විදියක්ම නෑ. පාසල පමණයි තියෙන්නේ, ප්‍රාථමික පාසල්වල දුරස්ථ මාර්ගගත විදියට කරන්න බෑ. දරුවා පාසලෙන් ගිලිහෙනවා. ළමයා පාසලට ආවොත් සුරක්ෂිතයි. මෙතනදී ඒකාධිපතියෙක් විදියට තීරණයක් ගන්න බෑ.

ජාතික පාසල් හෝ පළාත් පාසල් හෝ කිසි ගැටලුවක් නෑ. ඒ කලාපයේ පාළාත් අධ්‍යක්ෂතුමා කියනවා නම් මේ ටික වහනවා කියලා, අපි වහනවා. පාසලේ විදුහල්පතිවරයාට පාසල වහන්න තනි තීරණයක් ගන්න බැරි නම්, එයාට කලාප අධ්‍යක්ෂකට කියලා තීරණයක් ගන්න පුළුවන්, එකත් බැරිනම් පළාත් අධ්‍යක්ෂකට කියලා ගන්න පුළුවන්. සම්පූර්ණ බලය තියෙනවා. එකත් බැරි නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු භාර අතිරේක ලේකම්තුමා, ඊටත් බැරි නම් තමා අධ්‍යාපන ලේකම්තුමා. මෙහෙම කරන්නේ ක්ෂණිකව තීරණයක් දිය යුතු නිසා." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us