නිරෝධායන රීති කැඩුවොත් ලැබෙන දඩුවම් මෙන්න

Published in පුවත්
Wednesday, 28 April 2021 09:51

නිරෝධායන රීති කඩ කිරීමට අදාළව මුහුණු ආරණ නොපැළඳ හෝ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරදකරුවෙකු වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර ඇත.

දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900කි.

මේ අතර කොවිඩ් -19 අවදානම හේතුවෙන් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ජනතාව එම ප්‍රදේශය තුළම රැඳී සිටිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

එමෙන්ම පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශය තුළට පැමිණීමට ද හැකියාවක් නැති බව ඔහු පෙන්වා දෙයි.

එසේ ගමන් කිරීමේ හැකියාව පවතින්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන සෞඛ්‍ය බලධාරීන්ට හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us