රිෂාඩ් ගැන තවත් විශේෂ හෙළිදරව්වක් !

Published in පුවත්
Friday, 30 April 2021 13:37

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමග පැවති සම්බන්ධතා පිළීබඳ ව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

2009 වසරේදී කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයින් සමග රිෂාඩ් බදියුදීන් සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වී ඇත.

2013 වසරේදී රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ චෙන්නායි හි කළ සංචාරයක් අතරතුර අදාළ පාර්ශව සමග සබඳතා ගොඩනගා ඇති බවට අනාවරණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ගේ පියා ද කසරාගොඩ් හි පඩ්නා ප්‍රදේශයේ පුද්ගලයෙක් වන ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබුණි.

මේ අතර කේරළ කසරාගොඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ මුස්ලිම් පවුල් 05ක් එම ප්‍රදේශයෙන් අනතුරුදන්ව ඇති අතර ඔවුන් 2016 වසරේදී සිරියාවට පැනගොස් අයි. එස්. සංවිධානයට බැඳී ඇති බවට ද අනාවරණය වී ඇති බව සදහන් වේ.

ඔවුන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ පිරිස් හමු වී ඇති බවට ද හෙළිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියූදීන් ව පසුගිය 24 වනදා ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවටගත් අතර දින 90ක රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම් සිදුකෙරේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us