මෙරටට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාල සිමාව දිර්ඝවන ලකුණු !

Published in පුවත්
Friday, 30 April 2021 12:29

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දිර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් ආසාදිතයින් හඳුනාගැනීමට එය ඉවහල් වනු ඇති බවයි එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා ප්‍රකාශ කළේ.

ඒ පිලිබදව ඔහු දැක්වූ අදහස්

“ඉදිරියේ දී අපි විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සඳහා වන නිරෝධායන කාල සීමාවන් බොහෝදුරට වැඩිවීමට ඉඩ තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැන් කටයුතු කරගෙන යනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ විදෙස් රටවලින් යම් ආසාදිතයෙක් ඇතුළු වුවහොත් එම නිරෝධායන කාල සීමාව තුළ හඳුනාගැනීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමයි.“ යනුවෙන් සදහන් කර ඇත.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති කොවිඩ් මර්දන මාර්ගෝපදේශ සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us