සතොස සහන මල්ල 2 වන අදියර මැයි සිට !

Published in පුවත්
Friday, 30 April 2021 17:52

අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් රු 1000ක මිලට “සතොස සහන මල්ල - 2වන අදියර මැයි මාසයේ සිට ලබාදීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එමෙන්ම පසුගිය පළමු අදියරේ සහන මල්ලට වඩා මෙවර සහන මල්ලට සම්බා සහ නාඩු හාල් කිලෝව බැගින් ඇතුළත් කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ අනුව සතොස සහන මල්ල - 2 හි ඇති ද්‍රව්‍යන් ,

සම්බා හාල් කිලෝග්‍රෑම් 1
නාඩු හාල් කිලෝග්‍රෑම් 1
පිටි කිලෝග්‍රෑම් 1
රතු ඔස්ට්‍රේලියානු පරිප්පු කිලෝග්‍රෑම් 1
සුදු සීනි කිලෝග්‍රෑම් 1
තායි හාල් මැස්සෝ ග්‍රෑම් 200
විෂබීජනාශක දියර මිලිලීටර්50 ක බෝතලයක්
මුහුණු ආවරණයක්
තේ කොළ ග්‍රෑම් 100ක්
සෝයා මීට් ග්‍රෑම් 50 පැකට් එකක්
කෑලි මිරිස් ග්‍රෑම් 100

මැයි මස 2 වන දින සිට ලංකාව පුරා ඇති සතොස වෙළෙඳ මධ්‍යස්ථානවලින් සහන මල්ල ලබාගත හැකි බවත් එම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයින්ට රු 5ක් අඩුවෙන් ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක් ද ලබා ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us