ජාතික ආරක්ෂාවත් ,ස්වෛරීත්වයත් තහවුරු කරා - ජනපති

Published in පුවත්
Saturday, 01 May 2021 08:18

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රටේ ජාතික ආරක්ෂාවත් ,ස්වෛරීත්වයත් තහවුරු කර ඇති බව කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කර තිබෙනවා.

එසේම අපේ උරුමයන්ට සහ දේශීයත්වයට කිසිදු හානියක් නොවන පරිදී ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙන අතරම, කෘෂි ආර්ථිකයද ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් බොහෝ කම්කරු ප්‍රජාව පිඩාවට පත් කරන දුප්පත්කම සමාජයෙන් තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් පෙන්වා දෙයි.

වර්තමානයේ පවතින කොවිඩ් තත්වය තුල වැඩ කරන ජනතාවගේ ජන ජිවිත අඩාල වන සීමා පැනවීම් නොකොට ජිවිත යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුවම කටයුතු කරන බවයි එහි සදහන් වන්නේ.

තවද එම පණිවුඩයේ සදහන් වන්නේ අධ්‍යාපන සුදුසුකම් නොමැතිකම නිසා අසහනයට පත්ව සිටි ශ්‍රමිකයන් ලක්ෂයකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා උදා කිරීමෙන් ඉහළම වරප්‍රසාදය හිමිවූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලට බවයි.

කොවිඩි වසංගතයෙන් අඩපණ වූ ජන ජීවිතය ගොඩනැගීමට රුපියල් පන්දහසේ දීමනාව දුන් රජය වැඩ කරන ජනතාවගේ ජීවන අරගලයට සහාය වුවා සේම ​අලුත් අවුරුදු උත්සව සමයේ ද රුපියල් පන්දහසක දීමනාව ජනතාව අතට පත් කිරීමට රජය කැප වූ බවත් එහි සදහන්.

කොවිඩි වසංගතය හමුවේ රාජ්‍ය සේවකයාගේ කිසිදු වේතනයක් කප්පාදු නොකිරීම සේම රාජ්‍ය සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගෙන යමින් කටයුතු කිරීමෙන් ආරක්ෂා වූයේ වැඩ කරන ජනතාවගේ අයිතිය බවයි ජනාධිපතිවරයා එම පණිවුඩයේ සදහන් කර ඇත්තේ.

පණිවුඩයේ අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ ​කොවිඩි වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස දෙවන වසරටත් අඛණ්ඩව මැයි දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමිව තිබුනද කම්කරුවන්ගේ අධිෂ්ඨානය, කැපවීම හා අරගලය ශක්තිමත් බව විශ්වාස කරන අතරම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගන්නා කම්කරු ජනතාවට , ජාත්‍යන්තර කම්කරු අයිතීන් සුරක්ෂිත කළ, අර්ථවත් කළ සතුට සමගින් ජාත්‍යන්තර කම්කරු දිනයට සුභ පැතුම් එක කරන බවයි .

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us