ජාතික ආපදාවක් ලෙස සලකා මේ මොහොතේ සහාය දෙන්න - අගමැති

Published in පුවත්
Monday, 03 May 2021 08:44

කොරෝනා වසංගතය මැඬලීමට මේ මොහොත රටේ ජාතික ආපදාවක් ලෙස සලකා ජනතාව එකාමෙන් සහයෝගය දිය යුතුව ඇති බවත්, ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි.

සමහරු දේශපාලන භේදයෙන් ලකුණු දමා ගැනීමට ක‍්‍රියාකරනවා මිස කොරෝනා මැඬලීමට සහාය ලබා දීමට ක‍්‍රියා නොකිරීමෙන් ඔවුන්ගේ සැබෑ අරමුණු පැහැදිලි බවද අග‍්‍රාමාත්‍යවරයා කීය.

මෙහිදී තවදුටත් කතා කළ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

මේ මොහොතේ ආණ්ඩුව ගන්නා එක් එක් ක‍්‍රියාමාර්ග සමහරු විවේචනය කරනවා. ඔය විවේචනය පැත්තකට දාලා රට ගැන හිතලා ජනතාව වෙනුවෙන් කොරෝනා මැඩලීමට ක‍්‍රියාකළහොත් කාටත් ආදර්ශයක්. රටේ මේ වගේ ප‍්‍රශ්නයක් උද්ගත වූවිට දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම සුදුසු නෑ. මේ අවදානම් මොහොතේ කොරෝනා මැඬලීම සඳහා දිවා රෑ දෙකේ කැපවීමෙන් ක‍්‍රියාකරන අපේ වෛද්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදාවන් පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ගෙන් සිදුවන සුවිශේෂී සේවය කාටත් ආදර්ශයක්.

එමෙන්ම, ජනතාවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක‍්‍රියාත්මක කළ යුතුයි. මේ මොහොත දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන වේලාවක් නොවෙයි.

දිවයින ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us