කොවිඩ් අසාදනය වූ ගැබිණි මව්වරුන්ට බිහිවන දරුවන්ට සංකුලතා !

Published in පුවත්
Friday, 07 May 2021 11:14

වයස අවුරුදු 35ට වැඩි සහ ස්ථුලතාවය ඇති ගර්භණී මවුවරුන්ට කොවිඩ් ආසාදිතවීමෙන් පසු ඇතිවන සංකූලතා වැඩි බව මුල්ලේරියාව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (5දා) කොළඹදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම ගර්භණී මවුවරුන්ට සේවා ස්ථානයට නොගොස් නිවසේ සිට වැඩ කිරීමට හැකි සෑම අවස්ථාවකම ඉඩ ලබාදෙන ලෙසද වෛද්‍යවරයා ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත වී ඇත්නම් ලැබෙන දරුවාට සංකූලතා වැඩිවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරන්නේ.

මේ අතර කොවිඩ් ආසාදිත අසාධ්‍ය ගර්භණී මවක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකයේ එක්මෝ යන්ත්‍රය වෙත යොමුකර ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ සදහන් කර ඇත.

එසේම තවත් කොවිඩ් ආසාදිත වූ මවුවරු සිවුදෙනකු ශ්වසන අපහසුතා මත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව ද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

ඉන් දෙදෙනකු මුල්ලේරියාව රෝහලේ සහ තවත් දෙදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවැසීය.

එසේම මෙම කොවිඩ් තෙවැනි රැල්ල තුළ කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරු 400කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන බව ද ඔහු පැවැසීය.

කොවිඩ් ව්‍යාප්ත වීමත් සමග මෙරට ගර්භණී මවුවරු දහසකට (1000) පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ සඳහන් කළේය. කොවිඩ් තුන්වන රැල්ල පැමිණි පසු මුල්ලේරියාව රෝහලේ පමණක් කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරු 174 දෙනකු පමණ දරුවන් බිහිකර ඇති බවද ඔහු පැවැසීය.

පසුගිය 4 වැනිදා ගර්භණී මවක් මියගියේ ආසාධ්‍ය තත්ත්වය මත තවත් රෝහලකට ඇය මාරුකර යන අතරමගදී බව ද විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවලගේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us