අගමැති සහ මහ බැංකු අධිපති සාකච්ඡාවක !

Published in පුවත්
Friday, 21 May 2021 18:50

මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් අද (21) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු විය.

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා මෙම හමුවේ අරමුණ විය.

එහි දී මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරී පිරිස රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කළ අතර මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යභාරය නොපිරිහෙළා ඉටු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරු වන ටී.එම්.ජේ.වයි.ටී. ප්‍රනාන්දු, කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, මහ බැංකු ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us