කර්මාන්ත සඳහා ලබාදෙන ඔක්සිජන් අවම කිරීමට පියවර !

Published in පුවත්
Saturday, 22 May 2021 10:29

කොවිඩ් තුන්වැනි රැල්ලත් සමග සෞඛ්‍ය සේවාවට අවශ්‍ය දෛනික ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට ලීටර දස දහසකින් ඉහළ යාම නිසා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් කර්මාන්ත සඳහා ලබාදෙන ඔක්සිජන් සිලින්ඩර අවම කිරීමට ඖෂධ නියාමන, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා කොවිඩ් රෝගීන්ට වැඩිවශයෙන් ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් මතුව ඇත. බ්‍රිතාන්‍ය ප්‍රභේදයෙන් ශ්වසන පද්ධතියට ඇති කරන බලපෑම අවම කිරීමද ඉන් අපේක්ෂා කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වල දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ලීටර විසිදෙදහසකි. මෙම සතියේ බදාදා දින වනවිට එම අවශ්‍යතාව ලීටර් විසිඅටදහස දක්වා වැඩිවී තිබිණි.

මෙම සතියේ බදාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්සිජන් සපයන සමාගම් දෙක සතුව ඔක්සිජන් මෙට්‍රික් ටොන් 80ක් තිබිණි. වෙනත් ශ්වසන ආබාධ හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ටද ඔක්සිජන් අවශ්‍ය වෙයි. කෙසේ වෙතත් අතිරේකව ඔක්සිජන් ගබඩා කර ගැනීම සඳහා ලීටර විසිදහසක ගබඩා ටැංකි හතරක් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමටද ඔක්සිජන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන ඇත. දැනට මෙම ටැංකි දෙකක් මෙරටට ලැබී තිබේ.

රජයේ රෝහල්වලට ඔක්සිජන් අවශ්‍යතාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රුපියල් මිලියන තුන්දහසක මුදලක් වැය කරයි. කොවිඩ් රෝගීන් සඳහා හිඟයකින් තොරව ඔක්සිජන් ලබාදීමට ඖෂධ නියාමන, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us