සහන මල්ල නොලැබූන පවුල් සදහා පැමිණිලි කරන්න දුරකථන අංකයක් !

Published in පුවත්
Wednesday, 26 May 2021 11:29

හුදෙකලා කරන ලද ප්‍රදේශ සහ වෙනත් ප්‍රදේශයන්හි නිවෙස්වල නිරෝධායන වන පවුල් සඳහා ලබා දෙන සහන මල්ල නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ 1965 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවෙස්වල දින 14ක් නිරෝධායනය වන පවුල් සඳහා එකවර රුපියල් දසදහසක බඩු මල්ලක්ද හුදෙකලා කර ඇති ප්‍රදේශවල පවුල් සඳහා සතියකට රුපියල් පන්දහසේ බඩු මල්ලක් ලබාදෙන බවයි එම සංගමයේ සභාපති දිනිප්‍රිය හේරත් ප්‍රකාශ කළේ.

එමෙන්ම සංචරණ කාල සීමාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ජංගම රථ අදාළ ප්‍රදේශවලට නියමිත පරිදි නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳවද 1965 කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකිය.

කෙසේ වෙතත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජංගම වෙළෙඳාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තවමත් සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

සංචරණ කාල සීමාවේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී මහජනතාවට පැන නගින ගැටලු සම්බන්ධයෙන් විමසීම සඳහා 1965 කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (24 වැනිදා) විවෘත වුණා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us