එක්ස්ප්‍රස් පර්ල්හි අලාභ හානිය සොයන්න අනුකමිටු පහක් !

Published in පුවත්
Wednesday, 23 June 2021 09:14

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වී ඇති අලාභය තක්සේරු කිරීම සඳහා අනුකමිටු පහක් පත්කර තිබේ.

රක්ෂණ අනුකමිටුව, නෛතික අනු කමිටුව, ධීවර අනු කමිටුව, පාරිසරික අනුකමිටුව, ආර්ථික අනුකමිටුව වශයෙන් මෙම කමිටු පත්කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමෙන් වූ හානියට වන්දි ලබා ගැනීම සහ ඊට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැති අතර එහිදී මෙම අනුකමිටු පත්කර තිබේ.

අධිකරණ ඇමැති අලි සබ්රි, වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන, ධීවර රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර, නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, නීතිපති ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවත්විණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us