ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අලුත් වැඩක් !

Published in පුවත්
Saturday, 21 August 2021 10:29

ඉන්ධන මගින් ධාවනය වන බස් රථ වෙනුවට විදුලි බස් රථ මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

නගර බස් රථ ව්‍යාපෘතිය සඳහා පත්ල පහත් බස් රථ දෙසීයක් ලබා ගැනීමට කැඳවා ඇති ප්‍රසම්පාදනය වෙනුවට විදුලි බස් රථ ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ විදුලි බස් රථ ධාවනය කර නොමැති නිසා විදුලි බස් රථ විසිපහක් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ නගරයේ මාර්ග කිහිපයක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථාන සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාරයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත ආරෝපණ මධ්‍යස්ථාන ඉදි කෙරේ. විදුලි වාහනවල භාවිත කරන බැටරි ඉතා විෂ සහිත බැවින් බැටරි බැහැර කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

-පංචාලි අබේසේකර

Last modified on Saturday, 21 August 2021 10:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us