බන්දුලගේ වැටුපත් කොවිඩ් අරමුදලට !

Published in පුවත්
Saturday, 21 August 2021 10:57

පවතින වසංගතය හමුවේ රට මුහුණ පා ඇති බරපතල ආර්ථික කඩා වැටීම් හේතුවෙන් තම වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා තම මුහුණු පොතේද මේ බව සදහන් කර ඇත්තේ මෙසේය ,

''කෝවිඩ්-19 ලෝක ව්‍යසනය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ කිසිදිනෙකත් නොවූ විරූ අයුරින් රාජ්‍ය මූල්‍ය අර්බුදයක් සහ විදේශ විනිමය අර්බුදයක් උත්සන්නව පවතී. මේ බව මා විසින් ලියන ලද පොත් වලින් සහ ප්‍රකාශ වලින් පැහැදිලි කරනු ලැබූවද ඒ සඳහා ප්‍රමාණවත් ජාතික අවධානයක් යොමු ව නැත.
2020 වර්ෂයේ දී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1216ක් වූ අතර, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 1052කි. රජයේ මුළු බදු ආදායමින් 86%ක් රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් සඳහා කැප කළ විට ඉතිරිවන 14% (රුපියල් බිලියන 164)න්, ආණ්ඩුව තුළින් අපේක්ෂිත මහජන සේවාවන් සලසන්නේ කෙසේද?
මෙවන් තත්වයක් තුළ, අප රටෙහි මේ දුෂ්කරතම තීරණාත්මක පැයෙහිදී, මහජන නියෝජිතයෙකු වශයෙන් මට කළ හැකි එක් කාර්යයක් වශයෙන්, කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම පාලනය කරන තෙක්, මට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමය. ඒ අනුව, 2021 අගෝස්තු මස සිට මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් 19 අරමුදලට බැර කිරීමට, පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දන්වා යවන බව ඔබතුමාට කාරුණිකව දැනුම් දෙමි.
මා දයාබර
ආචාර්ය බන්දුල ගුණවර්ධන
වෙළෙඳ අමාත්‍ය''

-පංචාලි අබේසේකර

bb

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us