තවත් ෆයිසර් එන්නත් තොගයක් සහ සයිනොෆාම් එන්නත් මිලියනයක් !

Published in පුවත්
Monday, 23 August 2021 09:58

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන මෙරටට රැගෙනවිත් තිබේනවා .කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙනවිත් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට (24) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඊට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අගෝස්තු මාසය අවසන්වීමට පෙර මෙරටට ලැබීමට නියමිත බවය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සදහන් කළේ, මේ වනවිට චීනය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98ක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවය.

එය මෙරට එන්නත් කළ යුතු ජනගහනයෙන් සියයට 95ක ප්‍රතිශතයක් බව චීනා තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මේ වනවිට මෙරට පුද්ගලයින් 01 කෝටි 20 ලක්ෂ 88,864 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඊට අමතරව පුද්ගලයින් 56 ලක්ෂ 20,254 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබේ.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබානොගත් සියලු පුද්ගලයින් පිළිබඳ අද දිනය තුළ තොරතුරු ලබාගැනීමට රජය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වෙයි.

ගම්මට්ටමින් අදාළ තොරතුරු ලබාගෙන ඉදිරි සතිය තුළ වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ සිට සතියක කාලයක් ගැබිනි මව්වරුන්ට ද එන්නත් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Last modified on Monday, 23 August 2021 09:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us