රට වැහිල්ලෙන් දිනකට රු. බිලියන 15 ක් අහිමි වෙනවා - කබ්රාල්

Published in පුවත්
Saturday, 21 August 2021 20:27

මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීති තත්වය නිසා එක් දිනකදී දළ ජාතික නිශ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15 කින් පමණ අහිමි වන බවත් රට වසාදමන කාලසීමාව අඩුකර ගැනීමට කටයුතු නොකළහොත් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

අද (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"රට වැසීම හරහා තිබෙන පාඩුව අපිට මඟහරවා ගැනීමට නම් පුළුවන් තරම් ඉක්මනින් අපේ රට යථා තත්ත්වයට ගෙන එන්න ඕනේ.

අපේ රටේ ශ්‍රම බලකාය ලක්ෂ 80 ක් ඔවුන්ගෙන් ලක්ෂ 15 ක පමණ රජයේ සේවකයන් ඔවුන්ට මාසික ආදායම් ලබෙනවා ඉතිරි පිරිස සුළු ව්‍යාපාර වෙළඳාම්, ඉදිකිරීම් වැඩ ආදියෙහි යෙදෙමින් එදිනෙදා ආදායම් උපයන අය. මිනිස් ජීවිත වගේම ඒ ජීවනෝපායන් ඒ තරමටම වැදගත්. ජීවනෝපාය නැති වුණොතින් ඒක සිදුවන අයට තමයි තේරෙන්නේ ඒකේ වේදනාව. මේ දෙකම ‍රැකගැනීමට ආර්ථිකය ආරක්ෂාකර ගැනීම රජයේ ප්‍රමුඛතාවයක් යැයිද ඒ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

පුළුවන් තරම් ලොක්ඩවුන් කෙටි කරන්නට ඕනේ. කෙටි කළේ නැත්නම් ඒකෙන් දෙපැත්තක කරුණු රාශියකට අපිට පළවිපාක විඳින්නට වෙනවා. අපේ රට පිට රටවල් සමග කරන ගනුදෙනු ඩොලර් පාවිච්චි කරන්න වෙනවා නම් අපිට ඒ පිළිබඳ ඩොලර් උපයා ගන්න ඔනේ. සමහර තැන්වලදී අපට එය මදිවීමක් සිදුවෙනවා නම් අපිට වෙන පැත්තකින් අඩුකරන්න වෙනවා. රථවාහන ගෙන ඒම නතර කළා. ඒ වාගේ තීරණ ගන්නට සිදුවෙනවා."

Last modified on Saturday, 21 August 2021 20:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us