මත්ස්‍ය අපනයනයෙන් මාස 10කදී කෝටි 4,873ක ආදායමක් !

Published in පුවත්
Friday, 03 December 2021 10:11

මේ වසරේ ඔක්තෝබර් 31 දා වන විට මෙරට මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 4,873ක ආදායමක් (අමෙරිකානු ඩොලර් මිලියන 245) උපයාගෙන ඇත.

ඉස්සන් හා කකුළුවන් අපනයනයෙන් මෙවර වැඩිම ආදායමක් හිමිව ඇති බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

මෙය 2020 වසරේදී වාර්තා කළ සමස්ත අපනයන ආදායම ඉක්මවා යෑමක් වේ. ඒ අනුව ඉකුත් වසරේදී එම ආදායම රුපියල් කෝටි 4,300ක් (අමෙරිකානු ඩොලර් මිලියන 215) වේ. මින් පෙර මෙරට වැඩිම මත්ස්‍ය අපනයන අගය 2014 දී වාර්තා කළ රුපියල් කෝටි 2,780ක (අමෙරිකානු ඩොලර් මිලියන 139ක) ආදායමද ඉක්මවා යෑමක් වේ.

ශ්‍රි ලංකාව වටා ඇති මුහුදු තීරය යනු විශාල මත්ස්‍ය සම්පතක් ඇති මුහුදු තීරයක් වන අතර මේ සම්පතෙන් පළ ප්‍රයෝජනයක් නොගැනීම ඓතිහාසිකවම සිදුව තිබු වැ‍රැද්දකි. බොහෝ විට වෙනත් රාජ්‍යයන් වල සිට පැමිණෙන ධීවර බෝට්‍ටු විසින් ශ්‍රි ලංකා මුහුදු තීරයෙහි මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යන අවස්ථාද බහුලය. පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තයෙහි යෙදුන ඇමතිවරයකු කළ ජාවාරමක් අසුවීම නිසා මෙරට මත්ස්‍ය අස්වැන්න යුරෝපයට අපනයනය කිරීම තහනමට ලක්වීමෙන් මේ ආදායම් මාර්ග රටට හිමිවීම වැලැක්විණි. පසුගිය යහපාලන යුගයේදී මේ තහනම ඉවත්කර ගැනීමට හැකිවීම මෙරට වාසනාවක් ලෙස සැලකිය හැකිය.


කෙසේ නමුත් මේ වැරැදි වලක්වා ගනිමින් මෙරට ධීවර කර්මාන්තය නගා සි‍ටුවීම මඟින් මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් ලබා ගත හැකි බව බොහෝ විටම විද්වතුන් පෙන්වා දුන් කාරණ්යක් වන නමුත් එය සක්‍රීයව කෙරුණේ නැත. එහෙත් වර්තමානය වන විට ධීවර කර්මාන්තය ගොඩ නංවා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එය යොදා ගැනීමට වැඩිමනත් යොමුවීමෙහි ප්‍රතිඵළ අද දකින්නට තිබේ. තව දුරටත් මේ සංවර්ධනය කළ යුතුය. විශේෂයෙන්ම මත්ස්‍ය අස්වැන්න නිකම්ම රට පටවනවාට වඩා ඒ යොදාගෙන කරන නව නිශ්පාදන කර්මාන්ත ඇති කිරීම හරහා වැඩි අගයක් සහිතව මේ මත්ස්‍ය සම්පතෙන් ආදායම් ලැබිය හැකිය. රජයේ අවධානය ඒ කෙරෙහි යොමුවිය යුතුය. මෙමගින් මෙරට තවත් රැකියා අවස්ථා ඇති වීමත් මුහුදුකරය ආශ්‍රිත ජනතාවට වැඩි ආදායමක් ලැබීමත් ඔවුන්ගේ ජීවන තත්වයන් උසස් කිරීමට හේතු වෙයි. කොහොම නමුත් දේශීය කෘෂි සහ කර්මාන්ත වැඩි දියුණු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්තක් වන නිසා මේ ධීවර කර්මන්තය නගා සි‍ටුවීම ගැන බලාපොරොත්තු තබා ගත හැක.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us