ආනයනික බීජවල මිල නියාමනය කිරීමට පියවර !

Published in පුවත්
Friday, 03 December 2021 11:10

ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටි.

එබැවින් මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජවල මිල නියාමනය කිරීමට කටයුතු කළ යුතු බව ජාතික බීජ සභාවට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
විශේෂයෙන් මෙරට ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳ නිවැරදී තොරතුරු පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇති ගොවිපල සියල්ල බීජ නිෂ්පාදනයට යොදා ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊයේ (02) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය බීජ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා එහි වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බීජ සභාවට පැවැරෙන බවද සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාස 03 ඇතුළත හෝ ඊට පෙර මේ වනවිට රට තුළ ඇති බීජවල තත්ත්වය, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන බීජ ප්‍රමාණය සහ ඒවායේ ප්‍රභේදයන්, දේශීයව නිෂ්පාදනය කරන බීජ අපනයනය කරන්නේද, එසේනම් එහි ගුණාත්මකභාවය, පිටරටින් ආනයනය කරන බීජවල ප්‍රමාණය සහ වර්ගය, දේශීය බීජ නිෂ්පාදනය 50%කින් වැඩි කර ගැනීම සඳහා ගත යුතු පියවර ඇතුළු කරුණු 12ක් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

එමෙන්ම බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ පවතින ජාත්‍යන්තර සම්මූතින් පිළිබඳ අවධානය යොමු කර, එහි වැදගත් කරුණු මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා සමඟ පැවැති මේ සාකච්ඡාවේදී ජාතික බීජ සභාව වසර 05කට රැස්ව ඇත්තේ දෙවතාවක් බව හෙළිදරව් වීම නිසා අමාත්‍යවරයා උපදෙස් දුන්නේ සෑම මසකට වරක් බීජ සභාව රැස්වීය යුතු බවය. එමෙන්ම බීජ නිෂ්පාදනය පිළිබඳ සුවිශේෂී දැනුමක් ඇති විද්වතුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය අතහැර පෞද්ගලික අංශයේ සේවයට යන බවට වාර්තා වී ඇති බැවින්, ඔවුන් එලෙස පෞද්ගලික අංශයට යෑම වළක්වා, තවදුරටත් දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ගොවිපලවල් බීජ නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණානුකූලව නවීකරණය කරගෙන යන බවයි. සමහර බීජ මේවන විටත් 100%ක් මෙරට නිෂ්පාදන කරන බවද, රට කජු ඊට උදාහරණයක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුනනේය.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us