ලංකාවේ සෑම පැය 24කටම ළමා අපචාර 32ක් !

Published in පුවත්
Thursday, 16 December 2021 09:40

මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (15 වැනිදා) අනාවරණය කළේය.

ඒ අනුව සෑම පැයකදීම ළමා අපචාරයක් සිදුවන බව සඳහන් කළ ඇමැතිවරයා, මෙම වසරේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දසදහස් හත්සිය දහතුනක් (10,713) ලැබී ඇතැයිද සඳහන් කළේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එලෙස ලැබී තිබූ පැමිණිලිවලින් වයස අවුරුදු 05ට අඩු ළමා අපචාර සිද්ධීන් 1632 ක්ද, අවුරුදු 6 ත්, 10 ත් අතර පැමිණිලි 2626 ක්ද වූ බව සඳහන් කළ ඇමැතිවරයා ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද පැවැසීය.

දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15 වැනිදා) පැවැති වැඩමුළුවක් අමතමින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම එලෙස පැවැසීය. ජනමාධ්‍ය සහ දරුවන් අතර ඇතිවිය යුතු සබඳතාව ගුරු – ශිෂ්‍යය බැඳීම හා සමාන විය යුතු වුවද, වර්තමානය වන විට එය බිල්ලා සහ ළමයා අතර පවතින සම්බන්ධය වැනි තත්ත්වයකට පත්ව ඇතැයිද ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ සහ විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

aruna

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us