තෙල් සංස්ථාවේ ගෑස් සමාගම කඩිනමින් පිහිටුවන්න වෘත්තීය සංගම් ඉල්ලයි

Published in පුවත්
Thursday, 16 December 2021 11:16

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙන නව ගෑස් සමාගම කඩිනමින් පිහිටුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ වර්තමානයේ හටගෙන ඇති ගෑස් අර්බුදයන්ට ඒ තුළින් විසඳුමක් ලැබෙනු ඇති බවය.

ලිට්රෝ සහ ලාෆ් සමාගම් ඒකාබද්ධ කර තෙල් සංසථාව මෙම නව ගෑස් සමාගම පිහිටුවීමට යෝජනා කර තිබිණි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පිහිටුවා ඇති Siyolit (Pvt) Ltd නම් සමාගමක් මගින් ඉදිරියේදී SIYOLIT යන වෙළෙඳ නාමයෙන් ගෘහස්ත LP ගෑස් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා විය. එහෙත් පසුව එම සමාගම් හී එකඟතාවය ඊට හිමිව නොතිබිණි.

මේ අතර, ලිට්රෝ සමාගම විසින් ගෙන්වූ දැනට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති අනෙක් නෞකාවේ ද අඩංගු ගෑස් සංයුතියේ ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බව ඊයේ (15) වාර්තා විය.

මීට පෙර නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් රැගෙන ආ සමාගමෙන්ම මෙම නෞකාවේ අඩංගු ගෑස් ලබාගෙන ඇත. මේ වනවිට එම නෞකාවේ ගෑස් සාම්පල ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරය වෙත යොමුකර තිබේ.

Last modified on Thursday, 16 December 2021 11:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us