මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ සියයට 1.5ක් වෙයි  

Published in පුවත්
Thursday, 16 December 2021 12:04

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, එම කාලය තුළ දී මෙරට ආර්ථික වර්ධන වේගය සඳහන් වුයේ ඍණ සියයට 1.5ක් ලෙසය.

තවද, 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489 දක්වා පහළ ගොස් ඇති බවත් එහි සඳහන් වෙයි.

මේ අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක ත්‍රිත්වය වන කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා පවත්නා මිල යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් 8.7%ක්, 29.9%ක් හා 57.4%ක් ලෙස දැක්වේ.

එමෙන්ම භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු සංරචකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයට 4.1%ක දායකත්වයක් ලබාදී තිබේ.

2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සමස්ත කෘෂිකර්මික ආර්ථික කටයුතු 1.7%ක සුළු ධන වර්ධනයක් වාර්තා කර ඇත.

ඒ සඳහා සංචරණ සීමාවන් පැන වූ කාල සීමාව තුළ දී පවා රට පුරා කෘෂිකාර්මික ආර්ථික කටයුතු නොකඩවා කරගෙන යාමට රජය විසින් අවසර ලබාදී තිබීම ධනාත්මකව බලපා ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම කාර්තුවේ දී කර්මාන්ත සහ සේවා යන ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් 2.1%ක හා 1.6%ක ඍණාත්මක වර්ධන වේගයක් වාර්තා කරයි.

පසුගිය වසරේ තෙවන කාර්තුවේ දී එම ක්‍රියාකාරකම්වල ධන වර්ධන වේගයන් වාර්තා වී තිබුණු බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

press note 2021q3 sinhala 1press note 2021q3 sinhala 2press note 2021q3 sinhala 3press note 2021q3 sinhala 4

Last modified on Thursday, 16 December 2021 12:10

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us