දියර කිරි නිෂ්පාදනය නැංවීමට ගොවියන් 3000 කට ආධාර  

Published in පුවත්
Thursday, 16 December 2021 15:27

දියර කිරි නිෂ්පාදන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසරේ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය සඳහා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 1608ක් වැය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහනට මධ්‍යම පළාතේ කිරි ගොවියන් 1181ක් ද, වයඹ පළාතෙන් 513ක්, උතුරුමැද පළාතෙන් 442ක්, ඌව පළාතෙන් 816ක්, රත්නපුර දිස්ත්‍රික්ක⁣යෙන් 40ක් හා මුලතිව් කිරි ගොවියන් 8ක් වශයෙන් කිරි ගොවියන් 3000 තෝරා ගෙන තිබේ. මිල්කෝ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ එක් කිරි ගවයෙකුගේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් දෙකකින් ඉහළ නැංවීමට අපේක්ෂිතය.

තරුණ කිරි ගොවියන් දහසක් දෙනා තෝරා ගෙන ඔවුන්ගේ කිරි ගොවි ව්‍යාපෘති යෝජනා අනුව රුපියල් ලක්ෂ පහක් දක්වා ණය මුදල් ලබා දීමටත්, එම ණය මුදල් යොදා ගෙන සාර්ථකව කිරි ගව පාලනය සිදුකරන තරුණ කිරි ගොවි ව්‍යවසහයකයින්ට තම ව්‍යාපාරය දියුණු කර ගැනිමට මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමටත් අපේක්ෂිත බව SAPP ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට SAPP ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය ඇතුළු එහි නිලධාරීන් සහ මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සහ එහි නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

මේ අතර දියර කිරි නිෂ්පාදනයට සම්බන්ධ කිරි ගොවියන්ට සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මිල්කෝ ආයතනය හා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 18.4ක් වැය කීරිමට අපේක්ෂිතය.

මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල මෙම කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන ඉදි කීරිමට නියමිතය.

මේ වන විට සෞඛ්‍යමය ගැටළුවක් බවට පත් තිබෙන පිටි කිරි භාවිතය අවම කිරීමට රජය ප්‍රයත්න දරමින් සිටින අතර රජය මේ මොහොතේ මුහුණ දී සිටින විදේශ විනිමය ගැටළුව නිසාත් පිටි කිරි ආනයනයට බාධා පැමිණ තිබෙන තත්වය හමුවේ මෙරට දියර කිරි සඳහා වැඩි ඉල්ලුමක් ඇතිව තිබේ. එම ඉල්ලුම සැපැරීමට තරම් ප්‍රමාණවත් දියර කිරි නිශ්පාදනය කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව කිරි ගොවියන් දිරිමත් කිරීම සහ පහසුකම් සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩ පිළිවෙල සාර්ථකව සිදුවෙමින් තිබෙන බව ඒ සම්බන්ධ තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us