රබර්-පොල්-කුරුඳු අපනයනයෙන් ඓතිහාසික ආදායමක් !

Published in පුවත්
Thursday, 30 December 2021 12:38

රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ. මෙය මෙරට ඉතිහාසයේ ලද වැඩිම අපනයන ආදායමයි.

මේම වසර තුළ තේ කිලෝ මිලියන 305ක අස්වැන්නක් හිමි කර ගෙන ඇති අතර, තේ කර්මාන්තයෙන් ඉහළ අපනයන අදායමක් හිමි කර ගැනීමට හැකියාව පැවතිය ද එම අවස්ථාව අහිමි වී ගිය බවත් , අභියෝග හමුවේ එළැඹෙන නව වසර තේ කර්මාන්තයේ ලාභදායීම වසර කිරීම සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කැප වීම බලාපොරොත්තු වන බවත් වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උත්සවයකදී පවසා තිබේ. තේ නැවත වගා කිරීම වැඩි වශයෙන් වූ මේ වසරේදී තේ වගාවට එක්වන ඕනෑම කෙනකුට නොමිලයේ තේ පැළ හා කොම්පෝස්ට් පොහොර දීමට ආණ්ඩුව සූදානම් හෙයින් සාම්ප්‍රදායික වගාවෙන් ඔබ්බට ගොස් වඩා හොඳ වැවිලි ආර්ථිකයක් ගොඩ නැඟීමේ වැඩපිළිවෙළට දායක වීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත. තේ පැළ ඉල්ලුම් කර ඇති සියලු දෙනාට අවශ්‍ය තාක්ෂණික දැනුම හා තත්ත්වයෙන් උසස් ගුණාත්මක තේ පැළ දීමටද රජය පියවර ගැනීමට සුදානම්ව සිටි.

පෙබරවාරි මාසය වන විට පොහොර ගැටලුව විසඳීමටත්, අමු තේ දලුවලට ඉහළ මිලක් දීම සම්බන්ධයෙනුත් මේ වන විට රජය සැලසුම් සකස් කෙරෙමින් පවතී. වත්මන් රජය සියලු අභියෝග මැද ආර්ථිකය රටේ ශක්තිමත් කිරීම සදහා අතිශය කැපකිරීම් කරමින් දැඩි උත්සාහයක නිරතව සිටි..එය මේ මොහොතේ විය යුත්තක් සහ එම අරමුණ වෙනුවෙන් වැඩපිළිවෙලවන් ඉලක්කගතව ක්‍රියාවට නැංවීම අගය කළ යුතු කරුණක්ව ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us