මුදල් වලට වඩා වටින මිනිසත්කම !

Published in පුවත්
Saturday, 01 January 2022 06:12

2022.01.01 අද දිනෙන් නව වසරකට අප පා තබා ඇත..උදා වූ නව වසරේ නැවුම් බව අත්විඳිමින් ලක් වැසියන් සියළු දෙනා නව වසර රස විඳිමින් ඇත. නොනැවතී ඇසෙන රතිඤ්ඤා හඬ කියා පාන්නේ මිනිසුන්ගේ හදවතෙහි ඇති ප්‍රීතියයි..

සෑම නිවසකම රසවත් වර්ණවත් ආහාර වලින් මේස පිරි ඇත..එහෙත් බහුතරයක් දෙනා ප්‍රීතියෙන් අද දිනය සමරන විට අපේම රටේ අපි වගේම හුස්ම ගන්න ,දුක ,සතුට, වේදනාව ...දැනෙන තවත් පිරිසක් සිටින බව ඔබට අමතකදැයි මා ඔබෙන් නොඅසමි...මේ වන විටත් රෝහල් තුළ ජීවිතය යදිමින් සිටින අපේම මිනිසුන් මේ මොහොත වන විටත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු සහගතව දෑස් අයාගෙන බලා සිටිනවා විය හැකිය...එපමණක් නොව..ඔබට අමතකම වී ගිය තවත් පාර්ශ්වයක් අලුත් අවුරුද්දේ තම ප්‍රියයන් දැක ගැනීමට නොහැකිව හිතින් වේදනා විදිමින් කම්බි කුරු අතරින් බලා සිටින බව ඔබට අමතක දැයිද නොඅසමි..ජම්පරය ඇදී පමණින් සමාජයේ වපර ඇසට ලක් වන මෙම පිරිස සාමාන්‍ය වැසියාට පමණක් නොව ඇති හැකි මෙරට ඉහළ පැලැන්තියටද මෙවන් සුභවාදී මොහොතකත් අමතකව ඇතැයි සිතමි..

එහෙත් වාසනාව කියන වචනයට පිටු පා තම උත්සාහය ,කැපවීම ,අධිෂ්ඨානය මත පමණක් ක්‍රියාකරමින් අද මෙරට ආර්ථිකයට පවා දායකත්වයක් සපයමින් සුවහසක් මිනිසුන්ට රැකි රක්ෂා ලබා දෙන ඇවන්ට්ගාර්ඩ් සමාගම අලුත් අවුරුද්දේ කාටත් අත් හැරුණු මිනිසුන් කොටසකට තවත් සත් ක්‍රියාවක් සිදු කර තිබේ..එනම් වැලිකඩ බන්ධනාගාර රෝහල් ගතව සිටින රැඳවියන් 3000කට උදෑසන ආහාරය සදහා කැවුම්, කිරි බත්,කෙසෙල් ගෙඩි සහ දහවල් ආහාරය සදහා බිරියනි සමග අතුරුපසක් පිළිගැන්වීමට සුදානමින් සිටි..මෙය ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාර සමූහයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාගේ සංකල්පයකට අනුව ඔහුගේ දායකත්වයෙන් avant-guard manpower recruiment සමාගම විසින් සිදුකරන තවත් එක් මානුෂිය ක්‍රියාදාමයකි..සියලු සිර කරුවන් මනුෂයන්ය. ඒ බව හොඳින් වටහා ගෙන සිටින ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය ඔවුන්ටද වසරක ආරම්භය ප්‍රීතිමත් ,බලාපොරොත්තු සහගත ආරම්භයක් කිරීමට දායක වන්නේ ඒ අයුරින්ය..

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us