මත්පැන් හා දුම්වැටි බදු ඉවතට ? බදු ප්‍රතිපත්තිය උඩු යටිකුරු කරන කෙටුම්පතක්

Published in පුවත්
Monday, 03 January 2022 09:14

මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද සමස්ත බදු මුදලින් 25%කට ආසන්න ප්‍රමාණයක් රැස්කිරීමේ බලය මහා භාණ්ඩාගාරයට පැවැරීමට, දැනට පවතින 15%ක් වන වැට් බදු ප්‍රතිශතය සියයට 18% දක්වා ඉහළ නැංවීමට සහ මත්පැන් හා දුම්වැටි සඳහා අයකරන වැට් බද්ද ඉවත් කිරීම ඇතුළු මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදුකෙරෙන පනත් කෙටුම්පත් දෙකක් අද (3 වැනිදා) රැස්වන කැබිනට් මණ්ඩල රස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙලෙස කැබිනට් මණ්ඩලයට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පැනවීම පිළිබඳ පනත් කෙටුම්පත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය(VAT) මත බදු පනත සඳහා සංශෝධන නමැති පනත් කෙටුම්පත් දෙකයි.

මෙහිදී මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත බදු යන මෙරට ප්‍රධානතම බදු ආදායම් ලැබෙන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කර විශේෂිත භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීමට යෝජනා කෙරෙන අතර 2020 වසරේදී පමණක් මෙම ක්ෂේත්‍රවලින් රැස්කර ඇති බදු ප්‍රමාණය රටේ සමස්ත බදු ප්‍රමාණයෙන් 23% ඉක්මවන විශාල අගයකි.

නව සංශෝධනයන්ට අනුව මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද සමස්ත ආදායමින් 25%කට ආසන්න මෙම බදු ප්‍රමාණය මින් ඉදිරියට මහාභාණ්ඩාගාරයේ පිහිටුවීමට යෝජිත නව ඒකකයක් මගින් රැස්කිරීමට යෝජනා කර ඇත. එසේම එම විශේෂ භාණ්ඩ හා සේවා බද්දෙහි ප්‍රමාණය, එය ගණනය කරනු ලබන පදනම මෙන්ම බදු නිදහස ලබාදීම යන සියලුම බලතලද මුදල් ඇමැතිවරයාට ලබාදීමටද මෙම නව පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.

මීට අමතරව 2022 ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) දැනට පවතින 15% සිට 18% දක්වා ඉහළ දැමීමට ‘2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු සඳහා සංශෝධන’නමැති පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත. එහිදී සියලුම වාහන, දුම්වැටි සහ මත්පැන් යන කාණ්ඩයන් එකතු කළ අගය මත බද්දෙන් (වැට් බද්දෙන්) නිදහස් කිරීමට මෙන්ම සෞඛ්‍ය අංශ වෙත ලැබෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ ඇතුළු පරිත්‍යාග වැට් බද්දෙන් නිදහස් කිරීමටද යෝජනා කර තිබේ.

 

aruna

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us