සුසිල්ව මීට කලින් අයින් කරන්න තිබ්බේ - ජොන්ස්ටන්  

Published in පුවත්
Tuesday, 04 January 2022 16:28

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිරයාව ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිරයා ගත්තේ නිවැරදි තීන්දුවක් බවත් මෙය මීට පෙර ගතයුතුව තිබු තීන්දුවක් බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

''අතිගරු ජනාධිපතිතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාව අස් කරලා තිබෙනවා. එතුමා රජයේ සහ රජයේ වැඩපිළිවෙළ වගේ ප්‍රතිපත්ති නොයෙකුත් අවස්ථාවන්හි විවේචනය කරලා තිබෙනවා. මේ නිසා අතිගරු ජනාධිපතිතුමා විසින් ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස වගකීමක් තිබෙනවා රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. එම ප්‍රතිපත්ති වල වැරැද්දක් තිබෙනවා නම් ඒවා ගැන කතා කරන්න ස්ථාන තිබෙනවා. කැබිනට් එකේ දි ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්.

ඒ වගේම රාජ්‍ය ඇමතිවරුන් ජනාධිපති තුමාව මුණගැහෙන අවස්ථාවලදීත් ඒ අයට ඒවා ගැන කතා කරන්න පුළුවන්. තමන් යම් කණ්ඩායමකට ක්‍රීඩා කරනවා නම් ඒවා එම කණ්ඩායම ඇතුලේ කතා කරන්න ඕන. ඒවා එළියෙ කතා කරන එක නොවෙයි විය යුත්තේ. ජේෂ්ඨ අමාත්‍යවරුන් හැටියට ඒ අය අනිත් අයට ආදර්ශයක් විය යුතුයි. කොන්ද කෙලින් තිබෙන්න ඕනේ ඇතුල කතා කරන්න. අතිගරු ජනාධිපතිතුමා මේ ගත්තේ හරි තීන්දුවක්. මේක මීට කලින් ගන්න තිබුණු තීන්දුවක්. කැබිනට් සාමුහික වගකීම ගැන අවබෝධයක් නැතිනම් ඇමති ධූරයක් දරන්න සුදුසු නැහැ. එලිය කරන දේශපාලනය කැබිනට් එක ඇතුල් කරන්න බැහැ. කැබිනට් එක ඇතුලේ ඕනෑම දෙයක් කතා කරලා විසඳාගැනීමට පූර්ණ නිදහසක් ජනාධිපතිතුමා දී තිබෙනවා.ඒ වගේමයි කණඩායම් රැස්වීම්වල කතා කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති මුණගැහෙන අවස්ථාවලදී කතා කරන්න පුළුවන්. හැබැයි ඒක එළියෙ ගිහින් විවේචනය කරනවා නම් ඒක වැරදියි.

ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාස තබලා මේ රටේ බහුතර ජනතාව ලබාදුන්න ජනවරම අපි ආරක්ෂා කළ යුතුයි. අපේ ඇමතිවරුන් අතර විනයක් නැත්තං රටේ ජනතාවගේ විනය අපිට හදන්න බැහැ. කැබිනට් රැස්වීම තුළ කතා කරන දේවල් එළියේ කතා කරන්නේ නැහැ. අපි කවුරුත් බය කරන්න නොවෙයි මේ දේවල් කරන්නේ . දේශපාලනය කල යුතු ආකාරය ගැන අපි දැන ගත යුතුයි. දේශපාලන කරද්දි පිළිපැදිය යුතු දේවල් ගැන අපි දැනුවත් විය යුතුයි. විපක්ෂයේ කාර්යභාරය තමයි ආණ්ඩුව විවේචනය කරන එක. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න ඕනේ නැහැ. මේ සිද්ධිය හුවාදක්වමින් විපක්ෂය දැන් මෝඩ වින්දනයක් ලබනවා.

රජයේ සේවකයන්ට රු. 5000 ලබා දීම ඉතාමත් සැලසුම් සහගතව කළ දෙයක්. මේවා ගැන කලින් අණබෙර ගහන්නේ නැහැ . නියමිත වේලාවට ඒ දේවල් කරනවා. විපක්ෂය එය සෑම විටම මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා . පක්ෂය මේ වෙද්දි කරපු කියපු කියපුවා සියල්ල බොරු වෙලා තිබෙනවා . ඔවුන් දන්නේ පුස් වෙඩි තියන්න විතරයි. රාජ්‍ය සේවකයන්ට වගේම රටේ සමෘද්ධිලාභීන්ටත් සහන ලබා දුන්නා . ගෙවතු වගාවට මුදල් වෙන් කළා . වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන ලබා දුන්නා. සෑම අංශයක්ම ආරක්ෂා වන ආකාරයට තමයි අපි මේ තීන්දු තීරණ ගත්තේ. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන කරන දේවල් නොවෙයි . මේවා රටේ ජනතාවට අවශ්‍ය මොහොතේ දී ලබාදෙන සහන.

විපක්ෂය අපෙන් ඇහැව්ව මොනවාද ජනතාවට ලබාදුන් සහන කියලා . අපි කියනවා මේවා තමයි ජනතාවට ලබා දුන් සහන . ජනවාරි 15 රටේ ආර්ථිකය වැටෙනවා කිව්වා . නමුත් ජනවාරි 15 අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරනවා . බැසිල් ඇමතිතුමා ආපුහාම රට විනාශ වෙනවා කිව්වා. එයා ආර්ථිකය වැටෙනවා කිව්වා.මේ සහන ලබා දීමෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියන එක ඔප්පු වෙනවා .''

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us